Garcinia Cambogia


Garcinia Cambogia යනු අග්නිදිග ආසියාතික රටවලටත් බටහිර හා මධ්‍යම අප්‍රිකාව තුලත් හමුවන මිනිසාට ඉතාමත් වැදගත් වූ ශාකයකි. මෙහි පිටත පොත්ත මගින් Hydroxy Citric Acid (HCA) බහුලව ලබගැනීමේ හැකියාවක් පවතී. ඉන් ශරීරයේ බර පාලනය කිරීමටත් නිවැරදි සිහින් සිරුරක් පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ. හේතුව නම් මෙම HCA අම්ලය තුළින් තරබාරු බවට හේතුවන Citrate Lyase වළක්වාලීම නිසා අතිරේක මේද තැම්පත් වීම පාලනය වේ.

එමෙන්ම සිරුරේ අහිතකර LDL තත්වය පහත  දැමීමටත් මෙය උපකාරී වේ. බහුලවම ස්ථූලතවය පාලනයට උපකාරී වන මෙම අතිරේක ආහාරය තුළින් සිරුරේ Setrotonin මට්ටමද ඉහළ නංවාලීම සිදුකරයි. ඒ හේතුවෙන් ඉතා සුවපහසු මානසික මට්ටමක් පවත්වාගෙන යාමේ හැකියාව උදා වේ. තවද බොහෝ රටවල ආහාර රසවත් කිරීමට, අහාර කල්තබා ගැනීමට මෙන්ම අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී ඉතා අඩු ආහාර ප්‍රමාණයකින් රසයෙන් තෘප්තිමත් වීම සඳහා උපයෝගී කරගනු ලැබේ. අපගේ ඉහළ ගුණාත්මක තත්වයේ ස්වභාවික  Garcinia Cambogia සාරය තුළින්  HCA 70% ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකි වේ. මෙය රසායනික ද්‍රව්‍ය එක් කිරීමකින් තොරවම නිපදවා ඇති හෙයින් ඉතා විශ්වාසනීය හා ඉහළම HCA ප්‍රමාණයක් ස්වාභාවික ලෙස ලබාගතහැකි ආදේශන ආහාරයක් ලෙස භාවිතයට ගත හැකි වේ.

Moringa

මුරුංගා යනු ලොව ඉහලම පෝෂණයක් අන්තර්ගත වූ ශාකයක් ලෙස හඳුන්වා දිය හැක. ආයුර්වේද නිර්වචනයන්ට අනුව මුරුංගා කොළ ආහාරයක් ලෙස නිතර පරිභෝජනය කිරීමෙන් රෝගාබාධ 300 ක් පමණ වළක්වා ගැනීමේ ඉහල හැකියවක් ඇත. මෙහි ප්‍රධාන වශයෙන් විටමින් ඒ, බී01, බී02, බී03, කැල්සියම් බහුලව අන්තර්ගත වේ. තවද පොටෑසියම් අයන් මැග්නීසියම් වැනි මූලද්‍රව්‍ය සිවභාවිකව ශරීරයට ලබා දීමේ හැකියාවක්ද මුරුංගා ශාකයට පවතී.

* ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරයි
* ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
* මොළයේ ක්‍රියාකාරීත්වයටත්, ඇස් වල නිරෝගීභාවය පවත්වාගෙන 
   යාමටත් බෙහෙවින් උපකාරී වේ
* අක්මාවේ මෙන්ම වකුගඩු යහපත් ක්‍රියාකාරීත්වයෙන් පවත්වාගෙන 
   යාමට ඉවහල් වේ.
* රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්වයකොන් පවත්වාගෙන යාමට 
   ඉවහල් වේ.
* සම මතුපිට හටගන්නා බැක්ටීරියා ආසාදන වලින් මුදවා ගැනීමටත් රුව 
   අලංකරණයටත් වැදගත් ආහාරයක් ලෙස දැක්විය හැකිය.

Inginee Milk

ඈත අතීතයේ සිටම ලාංකිකයන් දෛනිකව බොහෝ ඖෂධීය පාන වර්ග භාවිතයට හුරු පුරුදුව විසීය. එතුලින් යහපත් නිරෝගී වූ දිවි පෙවෙතක් ගතකළ ලක්වැසියන්ගේ ජීවන රටාව යුරෝපීය ආක්‍රමණයන් සමඟ බොහෝ සෙයින් වෙනස්කම් වලට භාජනය විය. තේ, කෝපි, කොකෝවා වැනි පාන වර්ග භාවිතයට එක් වීමත් සමඟ පෙර සිට පැවති ස්වභාවික ඔසුපැන් භාවිතයෙන් දුරස් වී ගියේය. ඒ අතර වූ ඉතාමත් සුවිශේෂී පාන වර්ගයක් ලෙස ඉඟිනි ඇට හඳුන්වා දිය හැකිය.

ඉහළ ගුණාත්මක පානයක් වූ ඉඟිනි ඖෂධීය වශයෙන්ද පැරණි දේශීය වෛද්‍යවරුන් තම රෝගීන් සුවපත් කිරීම උදෙසා භාවිතා කොට ඇත. ප්‍රධාන ලෙසම ශරීර අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමටත්, මුත්‍රා ආසාදන වලක්වාලීමටත්, වකුගඩු ආශ්‍රිත රෝග මෙන්ම මානසික ආතතිය උදෙසද අක්ෂි රෝග සඳහාද භාවිත කොට ඇත. තවද මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද වැදගත් වේ.

Home


අතීතයේදී ශ්‍රී ලාංකිකයන් පරිභෝජනයට ගත් ආහාර හා සැලකූ විට වර්තමානයේ අප ගන්නා ආහාර තුල පෝෂණය අඩංගු වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකිනි. එම නිසාම මේ වන විට අප විවිධ දරුණු රෝගාබාධයන්ට ගොහුරු වීමේ ඉඩ කඩ ඉතා වැඩිය. මේ අතර බෝ නොවන රෝගාබාධයන්ට ගොදුරුවීමේ ඉඩකඩ ඉතා වැඩිය.

මේ අතර අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘධ්‍යාබාධ, කොලෙස්ට්‍රෝල් වැනි රෝග ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන අතර, මානසික ආතතිය, ලිංගික බෙලහීනතා, දරුවන් ලැබීම ප්‍රමාදවීම හා දරුවන් නොලැබීම, වකුගඩු හා ආහාර මාර්ගයේ රෝග, පිළිකා තත්ව වැනි ගැටළු සුලබව දක්නට ලැබේ.

මෙම හේතු නිසාම වර්තමාන සමාජය ඔව්නට අවශ්‍ය පෝෂණය හා ප්‍රතිශක්තීකරණය විවිධ රසායනික ඖෂධ හා ආහාරමය අතිරේඛ මඟින් ලබා ගැනීමට පෙලඹෙමින් සිටී. නමුත් එමඟින් ඔව්න්ගේ පෝෂණ අවශ්‍යතාවය ඉටුවන අතරම අතුරු ආබාධ ඇති වීමේ ඉඩකඩක්ද පවතින බව වෛද්‍ය මතයයි.

එම නිසාම මෙම තත්වය මග හරවාලීම සඳහා Apex Aura සමාගම විසින් මූලිකත්වය ගෙන වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් භාවිතයට පහසු වන ආකාරයට, විවිධ බෝග තුල අඩංගු පෝෂණය ඒ අයුරින්ම ලබාගෙන 100% ස්වාභාවික ආහාරමය අතිරේඛ ලෙස ඔබ අතට පත් කිරීමට නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ.

මෙමඟින් වර්තමාන සමාජයේ පෝෂණ අවශ්‍යතවය නිසි අයුරින් සම්පූර්ණ කර නිරෝගිමත් පරපුරක් බිහි කිරීමට කටයුතු කරන අතරම, විව්ධ රෝගාබාධයන් වලක්වා නිරෝගිමත්, සුන්දර දිවි පෙවෙතක් ලබා දීමට කටයුතු කරයි.