Inginee Milk

ඈත අතීතයේ සිටම ලාංකිකයන් දෛනිකව බොහෝ ඖෂධීය පාන වර්ග භාවිතයට හුරු පුරුදුව විසීය. එතුලින් යහපත් නිරෝගී වූ දිවි පෙවෙතක් ගතකළ ලක්වැසියන්ගේ ජීවන රටාව යුරෝපීය ආක්‍රමණයන් සමඟ බොහෝ සෙයින් වෙනස්කම් වලට භාජනය විය. තේ, කෝපි, කොකෝවා වැනි පාන වර්ග භාවිතයට එක් වීමත් සමඟ පෙර සිට පැවති ස්වභාවික ඔසුපැන් භාවිතයෙන් දුරස් වී ගියේය. ඒ අතර වූ ඉතාමත් සුවිශේෂී පාන වර්ගයක් ලෙස ඉඟිනි ඇට හඳුන්වා දිය හැකිය.

ඉහළ ගුණාත්මක පානයක් වූ ඉඟිනි ඖෂධීය වශයෙන්ද පැරණි දේශීය වෛද්‍යවරුන් තම රෝගීන් සුවපත් කිරීම උදෙසා භාවිතා කොට ඇත. ප්‍රධාන ලෙසම ශරීර අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමටත්, මුත්‍රා ආසාදන වලක්වාලීමටත්, වකුගඩු ආශ්‍රිත රෝග මෙන්ම මානසික ආතතිය උදෙසද අක්ෂි රෝග සඳහාද භාවිත කොට ඇත. තවද මෙය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද වැදගත් වේ.

No comments:

Post a Comment