Garcinia Cambogia යනු අග්නිදිග ආසියාතික රටවලටත් බටහිර හා මධ්‍යම අප්‍රිකාව තුලත් හමුවන මිනිසාට ඉතාමත් වැදගත් වූ ශාකයකි. මෙහි පිටත පොත්ත මගින් Hydroxy Citric Acid (HCA) බහුලව ලබගැනීමේ හැකියාවක් පවතී. ඉන් ශරීරයේ බර පාලනය කිරීමටත් නිවැරදි සිහින් සිරුරක් පවත්වා ගැනීමටත් හැකියාව ලැබේ. හේතුව නම් මෙම HCA අම්ලය තුළින් තරබාරු බවට හේතුවන Citrate Lyase වළක්වාලීම නිසා අතිරේක මේද තැම්පත් වීම පාලනය වේ.
එමෙන්ම සිරුරේ අහිතකර LDL තත්වය පහත දැමීමටත් මෙය උපකාරී වේ. බහුලවම ස්ථූලතවය පාලනයට උපකාරී වන මෙම අතිරේක ආහාරය තුළින් සිරුරේ Setrotonin මට්ටමද ඉහළ නංවාලීම සිදුකරයි. ඒ හේතුවෙන් ඉතා සුවපහසු මානසික මට්ටමක් පවත්වාගෙන යාමේ හැකියාව උදා වේ. තවද බොහෝ රටවල ආහාර රසවත් කිරීමට, අහාර කල්තබා ගැනීමට මෙන්ම අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකී ඉතා අඩු ආහාර ප්‍රමාණයකින් රසයෙන් තෘප්තිමත් වීම සඳහා උපයෝගී කරගනු ලැබේ. අපගේ ඉහළ ගුණාත්මක තත්වයේ ස්වභාවික Garcinia Cambogia සාරය තුළින් HCA 70% ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකි වේ. මෙය රසායනික ද්‍රව්‍ය එක් කිරීමකින් තොරවම නිපදවා ඇති හෙයින් ඉතා විශ්වාසනීය හා ඉහළම HCA ප්‍රමාණයක් ස්වාභාවික ලෙස ලබාගතහැකි ආදේශන ආහාරයක් ලෙස භාවිතයට ගත හැකි වේ.
No comments:
Post a Comment